May 2, 2011

Lankans happy about Osama death --බින් ලාඩ්න් මියගිය බව ඩී.එන්.ඒ. පරීක්ෂණවලින් ද තහවුරු වෙයි

Sri Lankans are happy about the death of Al Qaeda leader Osama Bin Laden, says external affairs deputy minister Neomal Perera.

The deputy minister notes that they were also jubilant after the killing of the LTTE leader by the Army.

He says however, it is unfortunate that civilians had also been killed in the operation targeting Osama.
ඔසාමා බින් ලාඩ්න් මිය ගිය බව ඩී එන් ඒ පරීක්ෂණවලින් තහවුරු වි තිබේන බවත්, අල් කයිඩා නායකගේ ඩි එන් ඒ වාර්තා ඔහුගේ පවුලේ ඥාතීන් සමග 100‍%ක්ම ගැළපෙන බවත්, රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. සිය ප්‍රහාරවලින් ඔසාමා බින් ලාඩ්න්ගේ බිරිඳ ඝාතනයට ලක් වී නොමැති බව ඇමෙරිකාව කියා සිටියි. ඔසාමා බින් ලාඩ්න් මියගිය පරිශ්‍රයේ තිබූ කාන්තාවක මළ සිරුර ඔහුගේ බිරිඳගේ බවට මීට පෙර වාර්තා පළ වුවද පසුව එය වෙනත් කාන්තාවකගේ බව තහවුරු වු බවද රොයිටර් වාර්තා කරයි.

ඝාතනයට ලක්වූ අල් කයිඩා සංවිධානයේ නායකයාගේ සිරුර මුහුදේ ගිල්වා ඇති බව ඇමෙරිකානු රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඔහුගේ අනුගාමිකයින් හට ඔහුගේ මළ සිරුර වෙත ගෞරව දැක්වීම වැළැක්වීම සහ ඔහු වෙනුවෙන් ස්මාරක ගොඩනැංවීමට අවස්ථාව ලබානොදීමේ අරමුණින් ඇමෙරිකානු රජය මෙසේ මළ සිරුර විනාශකිරීමට කටයුතු කර ඇති බව නිව්යෝර්ක් ටයිම්ස් අනාවරණය කරයි.

මේ අතර බින් ලාඩ්න්ගේ ඝාතනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සිය සතුට පළ කර තිබිණ.

බින්ලාඩන් ඝාතනය කිරීමෙන් පසු එල්ල විය හැකි ප‍්‍රතිප‍්‍රහාර සම්බන්ධයෙන්ද ඇමෙරිකා එක්සත් ජනපදය ලොව පුරා පිහිටි සිය තානාපති කාර්යාල දැනුවත් කර තිබේ. බින්ලාඩන්ගේ ඝාතනයට පලිගැනීමක් අල්කයිඩා සංවිධානය බොහෝදුරට අපේක්ෂා කරනු ඇති බවට ඇමරිකානු සීඅයිඒ රහස් ඔත්තු සේවා අධ්‍යක්ෂ ලියෝන් පෙනටා අනතුරු ඇගවිමක්ද කරයි. ඇමෙරිකානු ත‍්‍රස්ත විරෝධී මෙහෙයුම් උපදේශක ජෝන් බෙනන් කියා සිටියේ දුර්වල වූ අල්කයිඩා සංවිධානය වුවද තවදුරටත් අනතුරුදායක බවයි. මේ අතර, ඇමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා නිව්යෝක් නුවර ලෝක වෙළෙද මධ්‍යස්ථානය පිහිටා තිබූ ග‍්‍රවුන්ඞ් සීරෝහි ඊයේ චාරිකාවක නිරත වූයේ බින්ලාඩන්ගේ ඝාතනය සමරමිනි. ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් කියා සිටියේ පාකිස්තානයෙන් ලැබුණු සහයෙන් බින්ලාඩන්ගේ භූමිකාව අවසන් කිරීමේ මෙහෙයුම කි‍්‍රයාත්මක කළ හැකි වූ බවයි.
Related Posts Plugin for WordPress, Blogger...