May 3, 2011

ජිනා මැඩම්ගේ දුරකතනයට නිවනක් නැතිලූ

කොල්ලූපිටියේ ලිබර්ටි ප්ලාසා ගොඩනැගිල්ලේ ගණිකා නිවාසයක් පවත්වාගෙනයාම සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට පත්වූ රොස්මරී ජූඞ් පෙරේරා නොහොත් ජිනා මැඩම්ගේ දුරකතන අංකයට කෙටි කාලයක් තුළ දුරකතන ඇමතුම් 800 ක් ලැබී ඇතයි වාර්තා වේ.

ජිනාගේ, දුරකතනයට ඇමතුම් ලබාදුන් පිරිස් අතර, දේශපාලඥයන්, දොස්තරවරු, කලාකරුවන්, ව්‍යාපාරිකයන් හා ආරක්‍ෂක අංශවල නිලධාරීන්ගේ දුරකතන අංක ද තිබූ බව පැවසේ.

පොලිස්පතිවරයාගේ නියෝගයක් අනුව පානදුර වලාන දූෂණ මර්දන ඒකකය විසින් මෙම ගණිකා නිවස වැටලීම සිදුකළ අතර, අදාළ වැටලීමට පොලිසියේ නිලධාරීන් 38 දෙනෙකුගේ සහය ලැබිනි.

මෙම නිවාසයේ සේවය කළ කාන්තාවකගේ දිනක ආදායම රුපියල් 75,000 ක් පමණ වූ බවත්, ඉන් 10% ක් අයිතිකාරිය ලබාගත් බවත්, පැවසේ.

ලිබර්ටි ප්ලාසා ගොඩනැගිල්ලේ ජිනා මැඩම්ගේ සුපිරි ගණිකා නිවාස සඳහා නිවාස 10ක් ජිනා මැඩම් සතුවූ බවත්, ඒ සඳහා ඇය විසින් මසකට රුපියල් ලක්ෂ 30 ක් කුලී ගෙවා ඇතැයි ද මේවන විට හෙලිවී තිබේ.

දෛනික සේවාදායකයන්ට රුපියල් ලක්ෂ 5, 10 හා 15 වශයෙන් පැකේජයන් සකසා තිබූ බවත්, කාන්තාවන් සැපයීමට අමතරව කෑම මත්පැන් නවාතැන් පහසුකම් ද සේවාදායකයන්ට සපයා තිබේ.

අදාළ ගණිකා නිවස වැටලූ අවස්ථාවේදී උස්බෙකිස්ථාන ජාතික කාන්තාවන් දෙදෙනෙකු හා මෙරට කාන්තාවන් තිදෙනෙකු ද අත්අඩංගුවට පත්වූහ.

ගම්බද තරුණියක් ගණිකාවක් බවට පත්කිරීමට කුට්ටනය කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පණවා ඇති නඩුවක විත්තිකාරිය බවට පත්ව සිටින ජිනා මැඩම් මේවන විට රිමාන්ඞ්භාරයේ පසුවේ.
Related Posts Plugin for WordPress, Blogger...