Showing posts with label The world cup -ලෝක කුසලානය ලංකාවට හිමිවන බවට අනාවැකි. Show all posts
Showing posts with label The world cup -ලෝක කුසලානය ලංකාවට හිමිවන බවට අනාවැකි. Show all posts

March 28, 2011

The world cup -ලෝක කුසලානය ලංකාවට හිමිවන බවට අනාවැකි

මෙවර ලෝක කුසලානය හිමිවීමට වැඩි ඉඩකඩක් ශී‍්‍ර ලංකාවට ඇති බව ඔස්ට්‍රේලියා හිටපු පුහුණුකරු ජෝන් බුකැනන් ප්‍රකාශ කර සිටිනවා.ශී‍්‍ර ලංකාවේ මෙම සාර්ථකත්වයට ප‍්‍රධාන හේතුව කුමාර් සංගක්කාරගේ පිතිහරඹය හා ඔහුගේ නායකත්වය බවද ජෝන් බුකැනන් වැඩිදුරටත් කියා සිටී.

මෙම තරඟාවලිය තුල වැඩි තරඟයක් දීමට හැකි රටවල් ලෙස ඉන්දියාව සහ පකිස්තානය හා දකුණු අපි‍්‍රකාව ඔහු නම්කර සිටියා. ජෝන්  බුකැනන් යනු පසුගිය ලෝක කුසලාන තරග දෙකම ජයග්‍රහණය කල ඔස්ට්‍රේලියානු පිලේ පුහුණුකරුය.

මේ අතර හිටපු

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක හා වර්තමානයේ ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන ඉයන් චැපල් ලංකාවට පැමිණියේ විස්තර කථනය සඳහාය.

ලංකාවට පැමිණි අවස්ථාවේ ඔහුට තිබු බෙල්ලේ හා කකුලේ අමාරුවක් සඳහා ජනාධිපතිතුමාගෙන් ලද විශේෂ අවසරය මත ජනාධිපති වෛද්‍ය එලියන්ත වයිට්‌ මහතාගෙන් දින තුනක් ප්‍රතිකාර ලබා සුවවිය.

ඉන් පසු ඉයන් චැපල් පසුගිය දා නැවතත් ජනාධිපතිතුමා හමුවීමට ගියේ ඔහුට ලබාදුන් වෛද්‍ය සත්කාර සඳහා ස්තුති කිරීමටය.එම හමිවිමේදී ජනාධිපතිතුමා ඔහුගෙන් විමසා සිටියේ ලෝක කුසලානයේ වාසි අවාසි කෙසේදැයි යනුවෙනි.

ඉහිදී එයට පිළිතුරු දුන් ඉයන් චැපල් කියා සිටියේ එංගලන්තය මුහුදේ රල මෙන් එන යන බවත් ලංකාවත් ඉතා හොඳ තැනක පවතින බවත්ය.

ශ්‍රීලංකාව අවසාන පුර්ව තරඟය සඳහා සුදුසුකම් ලබන ශ්‍රීලංකා පිල හා එංගලන්ත පිල අතර තරඟය අද පැවැත්වීමට නියමිතයි
Related Posts Plugin for WordPress, Blogger...