Showing posts with label CHULA'S BOY FRIEND. Show all posts
Showing posts with label CHULA'S BOY FRIEND. Show all posts

April 5, 2011

CHULA'S BOY FRIEND

නිරූපන ශිල්පිණියක්, නිළියක් හා නිවේදිකාවක් ලෙස ජනාදරයට පත් චූලා පද්මේන්‍ද්‍රගේ පෙම්වතා ඇමතිවරයෙකුගේ පුතෙක් බව වාර්තා වේ.
[CHULA+PADMENDRA.jpg]අදාළ ඇමතිවරයා ආන්දෝලනාත්මක මත ප‍්‍රකාශ කරන කටකාර ඇමැතිවරයෙක් බවත් පැවසේ.

එසේම පුතාද පසුගිය කාලයේදී ආන්දෝලනාත්මක සිද්ධීන් කිහිපයක් හේතුවෙන් මාධ්‍ය අවදානයට ලක්වූ අයෙකි.

සිරස ඩාන්සින් ස්ටාර් දෙවැනි අදියරේ අවසන් තරගයේදී තෙවැනි ස්ථානයට පත් වෙමින් පේ‍්‍රක්‍ෂක අවදානයට පත් චූලා නිරූපණ ක්ෂේත‍්‍රයට එක්වී ඇත්තේ වයස අවුරුදු 16 යෙදී බව පැවසේ.

චූලා, පියාගේ මඟපෙන්වීමෙන් නිරූපන ක්ෂේත‍්‍රයට එක්වුවද ඇගේ පියා සිය දියණිය ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ඔලිම්පික් හෝ සාග් තරගාවලියක් නියෝජනය කරනු ඇතැයි බලාපොරොත්තු තබා සිටි බව වාර්තා වේ.

චූලාගේ පියා ඉතාලියේ ජනපි‍්‍රය විලාසිතා ජායාරූප ශිල්පියෙකි.

ශ‍්‍රී ලාංකේය සංගීත ක්ෂේත‍්‍රයේ වැඩිම වියදමක් දරා රාවණා රජුගේ කතා පුවත අළලා නිෂ්පාදනය කරන ලද ‘‘මන්දෝදරී” ගීතමය රූප රචනය සඳහා ද චූලා සිය දායකත්වය ලබාදීම තිබිණි.

වසර 2000 දී ශී‍්‍ර ලංකන් ගුවන් සේවයේ ගුවන් සේවිකාවක් ලෙසද සේවය කළ චූලා, 2006 වසරේ ටැන්සානියාවේ පැවැති ‘මොඞ්ල් ඔෆ් ද ඉයර්’ තරගාවලිය සඳහා ද සහභාගි විය.

දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ එකම ගැහැණු දරුවා වූ ඇය පිරිමි දරුවන්ට නොදෙවෙනි චරිතයක් බව ඇගේ දෙමාපියෝ කියති.
Related Posts Plugin for WordPress, Blogger...