Showing posts with label rich boy-පියා ගේ නිල පැජරෝවෙන් ෂෝ දැමූ පුතා මිනිස් බිල්ලක් ගනියි. Show all posts
Showing posts with label rich boy-පියා ගේ නිල පැජරෝවෙන් ෂෝ දැමූ පුතා මිනිස් බිල්ලක් ගනියි. Show all posts

April 21, 2011

rich boy-පියා ගේ නිල පැජරෝවෙන් ෂෝ දැමූ පුතා මිනිස් බිල්ලක් ගනියි


රාජ්‍ය ආයතනයක ඉහළ නිධාරියෙකුගේ පුතෙකු පියාගේ නිල පැජරෝ ජීප් රථය අධික වේගයෙන් පදවා පා පැදියකින් ගමන් ගත් යුවළක් යට කිරීමෙන් සැමියා මියගොස් බිරිය බරපතළ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

ඉකුත් අපේ‍්‍රල් 12 වැනිදා රාති‍්‍රයේ කොළඹ ප‍්‍රධාන මාර්ගයේ කුරුණ ශාන්ත ආනා මංසන්ධිය අසලමෙම අනතුර සිදුවී තිබේ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ මීගමුවේ පදිංචිව සිටි ඩබ්ලිව්. කපිල පේ‍්‍රමනාත් නැමැති අයෙකි.
ඔහුගේ බිරිඳ වන ඇනට් සේපාලිකා සිල්වා බරපතළ තුවාල ලබා ප‍්‍රතිකාර සඳහා මීගමුව දිසා රෝහලට ඇතුළත්කොට ඇත.

සුඛෝපභෝගී ජීප් රථය පැදවු රියදුරු මීගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇතැයි පැවසේ.
Related Posts Plugin for WordPress, Blogger...