Showing posts with label Royal Wedding Pictorial. Show all posts
Showing posts with label Royal Wedding Pictorial. Show all posts

May 1, 2011

Royal Wedding Pictorial

විලියම් කුමරු මධුසමය කල්දමයි








අලුත විවාපත් බි‍්‍රතාන්‍යයේ නව 
රාජකීය යුවල වන විලියම් කුමරු සහ 
කේට් මිඩ්ල්ටන් මධුසමය 
සඳහා යාමේ තීරණය කල්දමා 
ඇති බවට වාර්තා වෙනවා. 
විවාහ මංගල්‍යය උත්සවයෙන් 
පසු පැවති සාදයෙන් අනතුරුව රාජකීය
යුවළ ඊයේ (30)හෙලිකොප්ටරයකින් බකිංහැම් මාලිගයෙන් 
පිටත්වගොස් තිබෙනවා.
 සිකුරාදා මාලිගයේ පැවති මංගල දිවා භෝජනයට හිතමිතුරන් 300 
දෙනෙකු සහභාගී වී තිබුණා. 
සාමාන්‍යයෙන් සිරිතට අනුව බි‍්‍රතාන්‍ය රාජකීයයන් මධුසමය සඳහා විදේශගත 
වනවා. එහෙත් විලියම් කුමරු සහ කේට් එසේ රටෙන් නික්මීම පමාකර තිබෙනවා. 
ඒ අනුව ඔවුන් මෙම සති අන්තයද, බි‍්‍රතාන්‍ය තුළම ගත කිරීමට නියමිත බව වාර්තා 
වෙනවා. ඔවුන් මධුසමය සඳහා පිටත්ව යන ස්ථානය කලින් හෙලිදරව් කරන්නේ 
නැහැ. මේ අතර, නව රාජකීය යුවලගේ නිල විවාහ ඡායාරූප පිටපත් 03 ක් 
දැන් නිකුත් කර තිබෙනවා.

විලියම් කුමරු හා කේට් දෙව් මැදුරෙන් නික්ම ගිය අවස්ථාවේ වීඩියෝ දර්ශන



Related Posts Plugin for WordPress, Blogger...