May 7, 2011

5 Lankans arrested over fake credit card racket

The CID has arrested a group of Sri Lankans who are members of an international racket that has robed millions of rupees by using fake credit cards.

The five men, led by a computer engineer from Batticaloa identified as Dharan, were remanded until May 13 by the Mount Lavinia magistrate.

The CID began the probe on complaints received by three private banks.

The computer engineer had imported two machines to print fake credit cards.

The other suspects are three Muslims and a Tamil, who had used fake credit cards at ATM machines located at several filling stations to draw money.
They had acquired information through employees of a certain website, who had been paid around Rs. one million a month.

The racket had been going on for around two years, with others getting involved from countries such as England, France, Canada, US and Germany.
ව්‍යාජ ක්‍රෙඩිට් කාඞ්පත් මුද්‍රණය කර දේශීය සහ විදේශීය ගනුදෙනුකරුවන්ගේ ගිණුම්වලින් රුපියල් කෝටි ගණනින් මුදල් ලබාගත් ජාත්‍යන්තර අපරාධ කණ්ඩායමක ශ‍්‍රී ලංකා නියෝජිතයන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කර ඇත.

‘ධරන්’ නමැති පරිගණක ඉංජිනේරුවෙක් විසින් මෙම කල්ලිය මෙහෙයවා ඇති අතර, ඒ සඳහා  පස්දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් සම්බන්ධවී තිබේ.
කෙසේවුවද මෙලෙස අධිකරණයට ඉදිරිපත් කෙරුණේ සැකකරුවන්ගෙන් සිව්දෙනකු වන අතර, රැඳවුම් නියෝගමත ධරන් නැමැත්තා ප‍්‍රශ්න කිරීමට තවදුරටත් රහස් පොලිස් භාරයේ තබාගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් ඒකකය වෙත පෞද්ගලික බැංකු 3 කින් කළ පැමිණිලිවලට අනුව රහස් පොලිසිය කළ විමර්ශනයකින් පසුව මෙම තොරතුරු අනාවරණයවී තිබේ.

මෙම පරිගණක ඉංජිනේරුවා මඩකලපුව ප‍්‍රදේශයේ පදිංචිකරුවකි

මෙම වංචාවේ මහ මොළකාරයා මොහුවන අතර, සිංගප්පුරුවේදී පරිගණක අධ්‍යාපනය පිළිබඳ උපාධියක් ලබාගෙන ඇති ධරන් ව්‍යාජ ක්‍රෙඩිට් කාඞ්පත් මුද්‍රණය කළ යන්ත‍්‍ර දෙක ඉන්දියාවෙන් සහ කැනඩාවෙන් ගෙන්වාගෙන ඇති බවද හෙළිවී ඇත.

සැකකරුවන් අතර දෙමළ ජාතිකයන් දෙදෙනෙකු හා මුස්ලිම් ජාතිකයන් තිදෙනෙකු සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවල පිහිටි ඉන්ධන පිරවුම්හල් පහකින් ව්‍යාජ ක්‍රෙඩිට් කාඞ්පත් යොදාගෙන මුදල් ලැනීම සිදු කර ඇතැයි මේවන විට අනාවරණයවී තිබේ.

මේ සඳහා අදාළ ඉන්ධන පිරවුම්හල්වල සේවය කළ පුද්ගලයන් කීපදෙනකුගේ සහාය ලැබී ඇතැයි පැවසේ.

මෙම සංවිධානාත්මක කණ්ඩායම දේශීය ගනුදෙනුකරුවන්ගේ ක්‍රෙඩිට් කාඞ්පත්වල දත්ත වාර්තා ලබාගෙන ඇත්තේ ඉන්ධන පිරවුම්හල්වල සේවකයන්ගේ මාර්ගයෙනි.

එක්තරා වෙබ් අඩවියක සේවය කරනු ලබන සේවකයන් කිහිපදෙනෙකුගේ සහය ඇතිව විදේශ ගනුදෙනුකරුවන්ගේ දත්ත ඇති මොවුන් එම වෙබ් අඩවියේ සේවකයන්ට මසකට ලක්‍ෂ දහයක පමණ මුදලක් ගෙවා ඇතැයි ද පැවසේ.

මෙම සංවිධානාත්මක කණ්ඩායම වසර දෙකකට ආසන්න කාලයක සිට ව්‍යාජ ක්‍රෙඩිට් කාඞ් ජාවාරම කරගෙන ගොස් ඇති අතර ඉන් උපයාගත් මුදල් ප‍්‍රමාණය තවමත් ගණනය කර නොමැත.

මෙම සංවිධානාත්මක කණ්ඩායමේ සෙසු සාමාජිකයන් එංගලන්තයේ, ප‍්‍රංශයේ, කැනඩාවේ, ඇමරිකාවේ, ජර්මනියේ සහ තවත් රටවල් කීපයක ක‍්‍රියාත්මකව සිටින අතර ඔවුන් බොහෝවිට ගිණුම් හිමියන්ගේ රහස්‍ය දත්ත වාර්තා හුවමාරු කරගෙන මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බවද අනාවරණය වී තිබේ.

රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් ව්‍යාජ ක්‍රෙඩිට් කාඞ්පත් යොදාගෙන කිරිබත්ගොඩ, පෑලියගොඩ, මරදාන, බම්බලපිටිය, රත්මලාන සහ ජාඇල ප‍්‍රදේශවල ඉන්ධන පිරවුම්හල්වලින් මෙසේ මුදල් ලබාගෙන ඇත.
Related Posts Plugin for WordPress, Blogger...