May 4, 2011

University of peradeniya-පේරාදෙණි ඇදුරෙකුගේ මහාචාර්ය සහතිකේ හොර එකක්

දිල්ලි විශ්වවිද්‍යාලයේ ශාස්ත‍්‍රපති උපාධියක් තිබෙන බවට ව්‍යාජ සහතික ඉදිරිපත් කර සහකාර කථිකාචාර්යවරයෙකුව සිට කථිකාචාර්ය තනතුරක් දක්වා උසස්වීමක් ගපාගත් බව කියන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වත්මන් මහාචාර්යවරයකු සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් ආරම්භකර අතැයි වාර්තා වේ.

විගණන විමසුමකින් මෙම කරුණු හෙළිවී ඇතැයි පැවසේ.

ශාස්ත‍්‍රපති උපාධිය සමත් බවට දිල්ලි විශ්වවිද්‍යාලයේ ව්‍යාජ ලිපි ශීර්ෂයක එම විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ පීඨාධිපතිවරයාගේ ව්‍යාජ අස්සනක් යොදා අදාළ මහාචාර්යවරයා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ලබාදී ඇති බව වාර්තා වේ.

එය පිළිගෙන විශ්වවිද්‍යාලය මගින් මොහු 1997 වසරේදී කථිකාචාර්ය තනතුරට උසස් කැර ඇත.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණයවීමෙන් පවුව කථිකාචාර්යවරයාගේ සේවය අත්හිටුවා පරීක්ෂණයක් සිදුකර ඇති බවත් පැවසේ.

කෙසේවුවචද අදාළ තොරතුරු ලේඛන සහිත ලිපි ගොනු අස්ථානගතවීම හේතුවෙන් මේ පිළිබඳ පරීක්‍ෂණ ඇණ හිටීම හේතුවෙන් ඔහු යළි සේවයේ පිහිටුවා ඇතැයි වාර්තා වේ.

අදාළ කථිකාචාර්යවරයා මේ වනවිට පශ්චාත් උපාධියක් ලැබ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කැරමින් සිටින අතර අස්ථානගතවූ ලිපිගොනු යළි හමුවීමත් සමඟ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විගණන අංශය මගින් ඒ පිළිබඳ යළි පරීක්ෂණ ආරම්භ කැර ඇත.
Related Posts Plugin for WordPress, Blogger...