May 4, 2011

check Your blood sample --විවාහයට පෙර රුධිර පරීක්ෂාව අනිවාර්ය කිරීමට නීතියක්

The Health Ministry is formulating new laws that will make blood tests mandatory before marriage to control thalassemia.

Its secretary Dr. Palitha Mahipala said the aim was to prevent marriages among carriers of the disease.

Speaking at a media seminar in Kurunegala yesterday (May 03), he said registrars of marriages would be made aware about results of the blood tests.

Of the around 150,000 marriages taking place in the country, some 160 are among thalassemia carriers, he said.

Around 80 children suffering from thalassemia are born every year, and the total number of patients presently number around 1,600.
The Health Ministry has set up thalassemia centres in Colombo, Badulla, Anuradhapura, Kurunegala and spends around Rs. 350 m annually on them.

There are plans to set up two more thalassemia cetnres in Matara and Jaffna, said Dr. Mahipala
.
 විවාහ වීමට පෙර කාන්තාවගේ හා පුරුෂයාගේ රුධිර පරීක්ෂාව අනිවාර්ය කිරීම සඳහා වූ නීති සම්පාදනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. තැලසීමියා වාහක විවාහ වළක්වාලීම මෙම රුධිර පරීක්ෂාවේ අරමුණ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි. වසරකදී විවාහ 150,000ක් පමණ සිදු වන බවත් ඉන් තැලසීමියා අවදානම් සහිත විවාහ 160ක් පමණ සිදු වන බවත් හෙතෙම සඳහන් කරයි. අතිරේක ලේකම්වරයා කියා සිටියේ ඊයේ (03) කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ තැලසීමියා ප්‍රතිකාර ඒකකයේ පැවැති මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයකට එක් වෙමිනි.
රුධිර පරීක්ෂාවකින් ලබාගන්නා අවදානම් තොරතුරු සම්බන්ධව විවාහ රෙජිස්ට්‍රාර්වරුන් දැනුවත් කිරීම දල ඒ ඔස්සේ විවාහ වන යුවළ තැලසීමියා වාහකයන් නිසා උපදින දරුවන් අවදානම් ජීවිතයකට මුහුණපාන බව දැනුවත් කිරීම කෙරෙහි ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ. ශ්‍රී ලංකාවේ වාර්ෂිකව තැලසීමියා රෝගී ලැයිස්තුවට අලුතින් රෝගී දරුවන් 80 දෙනෙක් පමණ එක්වීම සිදු වේ. තැලසීමියා ජානගත රෝගයක් වන අතර, මෙය අවම කිරීම සඳහා තිබෙන එකම ක්‍රියාමාර්ගය වනුයේ තැලසීමියා වාහකයින් දෙදෙනෙකු අතර සිදුවන විවාහ වළක්වාලීමෙනි.

ශ්‍රී ලංකාවේ තැලසීමියා රෝගීන් 1,600ක් පමණ වාර්තා වී ඇත. මේ අතරින් වැඩිම රෝගීන් ප්‍රමාණයක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ. ශ්‍රී ලංකාව තැලසීමියා රෝගීන් රැකබලා ගැනීම සඳහා වර්ෂයකට රුපියල් දසලක්‍ෂ 350ක මුදලක් වැය කරනු ලබයි. මේවන විට බදුල්ලල අනුරාධපුරල කුරුණෑගල, කොළඹ ශික්ෂණ රෝහල්වලට අනුබද්ධව තැලසීමියා මධ්‍යස්ථාන 04ක් පිහිටුවා තිබෙන අතර තවත් මධ්‍යස්ථාන 02ක් මාතර සහ යාපනය රෝහල්වල පිහිටුවීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කළේය.

Related Posts Plugin for WordPress, Blogger...