April 27, 2011

sri lankan police පොලිස්පතිවරයාගේ රාජකාරීයක් ආරක්‍ෂක ලේකම් යටතට

පොලිස්පතිවරයාගේ රාජකාරීයක් ආරක්‍ෂක ලේකම් යටතට


උප පොලිස් පරීක්‍ෂකවරුන්ගෙන් ඉහළ නිලයන් දරන උසස් නිලධාරීන් මාරු කිරීම සහ උසස් කිරීම සදහා වු බලතල ආරක්‍ෂක ලේකම්වරයා යටතට ගෙන තිබේ. මෙතෙක් මෙම සියලූ තනතුරු දරන්නන් මාරු කිරීමේ සහ උසස් කිරීමේ බලය පැවරී තිබුණේ පොලිස්පතිවරයා වෙතය. කෙසේවෙතත් ආරක්‍ෂක ලේකම්වරයා විසින් නිකුත් කරන ලද චක‍්‍රලේඛයකින්  එම බලතල මෙලෙස පවරා ගෙන ඇත.

මේ අතර පොලිස්පතිවරයා නිකුත් කළ චක‍්‍රලේඛයකින් එළඹෙන වෙසක් සමයේ සියලූ පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර තිබේ. ඒ අනුව වෙසක් පොහෝ දින ඊට පෙර දින සහ පසුදින නිවාඩු මෙලෙස අවලංගු කර ඇත.
Related Posts Plugin for WordPress, Blogger...