April 27, 2011

Phones cut---ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්ගේ දුරකථන කැපේ

ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ලේකම් කාර්යාලයේ සියලු දුරකථන සම්බන්ධතාවන් ඊයේ (27 ) සිට අත්හිටුවා ඇතැයි වාර්තා වෙයි. දුරකථන සම්බන්ධතාවන් වෙනුවෙන් අදාළ දුරකථන සමාගමට ගෙවිය යුතු හිඟ බිල්පත් ගාස්‌තුව ලක්‌ෂ පහ ඉක්‌මවා ඇතැයි ද  දුරකථන බිල්පත් ගාස්‌තු ගෙවීම පැහැර හැරීම හේතුවෙන් එම සමාගම දුරකථන සම්බන්ධතා තාවකාලිකව අත්හිටුවා ඇතැයි ද ලේකම් කාර්යාලයේ නිලධාරියෙක්‌ පැවැසීය.

ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් දස දෙනකුගේ කාර්යාල පිහිටුවා ඇති අතර, දුරකථන සම්බන්ධතාවල ලබාගන්නා ඇමතුම් පහසුකම් අත්හිටුවීම හේතුවෙන් එම රාජකාරි කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබේ.
මෙම ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් දස දෙනා වෙනුවෙන් ලේකම්වරයෙක්‌ හා සෑම ඇමැතිවරයකුගේම පුද්ගලික ලේකම්වරු ඇතුළු කාර්යාමණ්‌ඩලය ද අමාත්‍යාංශ කාර්ය මණ්‌ඩල ද රාජකාරි කටයුතු කරන අතර, ඒ සියලු දෙනා වෙනුවෙන් සෘජු දුරකථන සම්බන්ධතා 36 ක්‌ පමණ තිබේ. දුරකථන සම්බන්ධතා අත්හිටුවීම හේතුවෙන් ලේකම් කාර්යාලයේ දුරකථනවලට ලැබෙන ඇමතුම් පමණක්‌ ක්‍රියාත්මක වන අතර ෆැක්‌ස්‌ හා අන්තර්ජාල පහසුකම්වලටද බාධා එල්ල වී ඇත.

ලබා ගන්නා ඇමතුම් අත්හිටුවා ඇත්තේ කාර්යාලයේ පහළ මාලයේ සිදුකරන අලුත්වැඩියා කටයුතු සඳහා බවත් දුරකථන බිල්පත් වෙනුවෙන් කිසිදු හිඟ මුදලක්‌ ගෙවීමට නැති බවත් මේ පිළිබඳ කළ විමසීමකදී අමාත්‍යාංශ ලේකම් මහින්ද මඩිහහේවා මහතා කියා සිටියේය.
Related Posts Plugin for WordPress, Blogger...