April 3, 2011

Chamalsha Devmini-චමල්ෂා දෙවුමිණි ගැබ්ගෙන

මේ දිනවල රූපවාහිනියේ වඩාත් ජනපි‍්‍රය ටෙලි නාට්‍ය බවට පත්ව තිබෙන ‘අමන්දා’හි අමන්දාගේ චරිතයට පණපොවන චමල්ෂා දෙවුමිණි ගැබ්ගෙන සිටීම හේතුවෙන් ඇයට තුන් මසක පමණ කෙටි රංගන විරාමයක් ලබාදී ඇතැයි වාර්තා වේ.
අදාළ තත්ත්වය හේතුවෙන් එහි අධ්‍යක්‍ෂ ශාන්ත සොයිසා මහතා අවුලක පැටලී ඇතැයි පැවසේ.

අමන්දා මෙගා ටෙලි නාට්‍යයක් බැවින් ඉදිරි මාස තුනක පමණ කාලයක් ඇයගේ භූමිකාවට විරාමයක් ලබාදීම සොයිසා මහතා හමුවේ ඇති අභියෝගය බව වාර්තා වේ.

කෙසේවුවද අමන්දා හි ප‍්‍රධාන නිළිය වන චමල්ෂා නොමැතිව මෙම ටෙලිනාට්‍යයේ ජනපි‍්‍රයත්වය ඉදිරියේදී බාල වනු ඇති බව විචාරක මතය වේ.

චමල්ෂා දෙව්මිණි සිරස කුමරිය රියැලිටි වැඩසටහන හරහා කලා ක්ෂේත‍්‍රයට පිවිස ‘කිඳුරංගනා’හි නේත‍්‍රා චරිතය රගපාමින් රංගාභිෂේකය ලැබීය.

ඊට අමතරව ඇය වසර හතරක වැනි කෙටි රංගන ගමනක් තුළ නිල්නෙතු, ස්වයංජාත, ආදී ටෙලි නාට්‍යය ගණනාවක රගපාමින් ආකර්ෂණීය තරුවක් බවට පත් විය.

අමන්දා නොඑසේ නම් චමල්ෂාගේ අතගත්තේ ඇයත් සමග වසර දෙකක පමණ දීර්ඝ ඇසුරක් පවැත්වූ රශේන් තෝමස්ය.

ඇමරිකානු විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලද රශේන් එය හමාරවීමෙන් පසුව විත් චමල්ෂා සමග විවාහ විය.

කෙසේවුවද චමල්ෂා විවාහයෙන් පසුව රංගනයට සමුදෙනු ඇතැයි බොහෝ දෙනා විශ්වාසය තබා තිබිණි.
Related Posts Plugin for WordPress, Blogger...