April 3, 2011

2022 football world cup- කෘතීම වලාකුළු

2022 දී කටාර් හි පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන ක‍්‍රීඩාංගන හා පුහුණු වීමේ පිටිවලට සිසිලස හා සෙවන ලබා දීමට කෘතීම වලාකුළු විශේෂයක් නිපදවා ඇතැයි කටාර් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් පවසයි.
ශක්තිමක් සැහැල්ලූ කාබන් කෙඳිවලින් නිපදවා ඇති මෙම වළාකුළ පාවීමට එය තුළට හීලියම් වායුව පුරවා ඇත.

දුරස්ථ පාලකයක් මගින් පාලනය වන මෙම වළාකුළ, සූර්ය කිරණවලින් ක‍්‍රීඩාංගනය ආරක්‍ෂා කරයි.

මෙහි විශේෂත්වය වන්නේ සූර්යයාගේ ගමන් මාර්ගය හා සමාන්තරව ගමන්කිරීමට ඇති හැකියාවයි.

සූර්යකෝෂ සහිත එන්ජින් 4කින් නිපදවන බලයෙන් ක‍්‍රියාකරන මෙම වළාකුළක් නිපදවීමට ඇමෙරිකානු ඩොලර් 500,000 ක් වැය වන බව ගණන් බලා ඇත.

ග‍්‍රීෂ්ම ඍතුවේදී ගල්ෆ් කලාපයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 දක්වා ඉහළ යන අතර, එම සමයේ පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක කුසලාන තරඟ සඳහා සිසිලස ලබාදීමට සූර්ය බලශක්තියෙන් ක‍්‍රියාකරන වායුසමීකරණ ද යොදාගැනීමට නියමිතයි.
Related Posts Plugin for WordPress, Blogger...