April 21, 2011

tele-drama actress--- ටෙක්ලාට වශීවූ රූපවාහිනී අධ්‍යක්‍ෂ

ලාංකේය රූපවාහිනී නාලිකාවක් මගින් මේ දිනවල විකාශය කරනු ලබන කෙටි පණිවුඩ ප‍්‍රමාණය අනුව ජයග‍්‍රාහකයන් තෝරාගන්නා ජනපි‍්‍රය නර්තන වැඩසටනකට (රියැලිටි) එක්ව සිටින ටෙලිනිළියක් වන ටෙක්ලා කුමුදු කුමාරි හා එම නාලිකාවේ අධ්‍යක්‍ෂවරයෙකු අතර ඇතිවී තිබෙන හාදකමක් හේතුවෙන් සෙසු තරගකාරියන් අපහසුතාවට ලක්ව ඇතැයි පැවසේ.
ඇගේ හාදකම හේතුවෙන් පසුගිය කාලයේදී මෙම අධ්‍යක්‍ෂවරයාගේ නිවසට නිතර දෙවේලේ ගිය තවත් නිළියන් කිහිපදෙනෙකුම අමනාප වී ඇතැයි ද පැවසේ.

කෙසේවුවද මෙම රියලිටියේ අවසන් පස්දෙනා අතරට තරගකාරියන් පස්දෙනෙකුට අවස්ථාව ලබාදෙන බවට මේ අධ්‍යක්‍ෂවරයාවූ පොරොන්දුව ද මේ වන විට වෙනස්කර ඇතැයි ද එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ අනුව එහි අලූත්ම සැලැසුම වී ඇත්තේ අවසන් වටයට තරගකරුවන් දෙදෙනෙකු හා තරගකාරියන් දෙදෙනෙකු ගෙන ඒම බවද පැවසේ.

මීට පෙරද මෙම වැඩසටහන් අධ්‍යක්ෂවරයා රියලිටි වැඩසටහනක අවසන් විනිශ්චය හේතුවෙන් මතභේදයට ලක්විය.

ටෙක්ලා නැගී එන ටෙලි නිළියක් වන අතර, ඇය පේ‍්‍රක්‍ෂකයන් අතර, ජනපි‍්‍රයත්වයට පත්වූයේ රජ කඩුව විනෝදාත්මක වැඩ සටහනෙනි.

එහි සිටි එකම කාන්තා චරිතය ලෙසද ඇය කලක් ජනපි‍්‍රයත්වයට පත්ව සිටියාය.

මේවන විට ඇය සිහින කුමාරිය ටෙලිනාට්‍යයේද චරිතයකට පණ පොවන අතර, ඇය සිරස කුමරිය තරගයේ තරගකාරියක් ලෙසද එක්ව සිටියාය.






Related Posts Plugin for WordPress, Blogger...