April 19, 2011

tele-drama actress-ටෙලි නිළි උදේනිගේ ගණිකා නිවස වටලයි

ටෙලි නිළි උදේනිගේ ගණිකා නිවස වටලයි


ගණිකා නිවාසයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද නිරූපන ශිල්පිනියක් හා ටෙලි නාට්‍ය නිළියක් වන උදේනි නදීකා පීරිස් හා තවත් කාන්තාවක් රුපියල් පන්දහසක ශරීර ඇප මත මුදාහරින ලෙස කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය අද (අපේ‍්‍රල් 19) නියෝග කළේය.

මිරිහාන කොට්ධාශ දුෂණ මර්දන ඒකකයට ලැබුණු තොරතුරක් මත අතුරුගිරියේ රසාංග හෝටලය පරීක්‍ෂා කිරීමෙන් පසුව මෙම නිළිය හා ඇගේ සහයිකාව අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ ස්ථානයේ තිබී මෝටර් රථයක් ද, පොලිස් අත්අඩංගුවට පත්ව තිබූ අතර එය ද රුපියල් 50,000 ක බැඳුම්කරයක් මත මුදා හැරීමට මහේස්ත‍්‍රාත්වරයා විසින් නියෝග කළේය.
ඇය සිනමා පට කිහිපයක සුළු චරිත රඟපා ඇති අතර, කිදුරංගනා හා සිටු ගෙදර යන ටෙලි නාට්‍ය සඳහා ද රංගනයෙන් දායක වී තිබේ.

මේ දිනවල ස්වාධීන රූපවාහිනිය මගින් විකාශය කරනු ලබන ‘මිලා’ ටෙලිනාට්‍යයේ ඉදිරියේදී විකාශය වීමට නියමිත කොටස් කිහිපයක් සඳහා ද රංගනයෙන් දායක වී ඇත.
Related Posts Plugin for WordPress, Blogger...