April 29, 2011

Suspects in Peliyagoda extortion given bail

The seven suspects in the extortion incident at Peliyagoda fish market complex, including deputy mayor of Peliyagoda Amila Nishantha Kumarasinghe, have been given bail.

Colombo additional magistrate Tikiri Jayatilake today (Apr. 29) enlarged them on Rs. 5,000 cash bails and Rs. 50,000 sureties each.

The court released the suspects on the basis that they could not be identified at an identification parade.
The case will be taken up again in May 27.
පෑලියගොඩ නව මත්ස්‍ය වෙළදසැලේ වෙළඳුන්ට තර්ජනය කර බිය ගන්වා කප්පම් වශයෙන් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඞ්භාරයට පත් කර සිටි පෑලියගොඩ නගර සභාවේ උප නගරාධිපති අමිල නිශාන්ත කුමාරසිංහ මහතා ඇතුළු සැකකරුවන් 07 දෙනෙකු ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ටිකිරි කේ. ජයතිලක මහතා අද (29) නියෝග කළේය.

රුපියල් 5000ක බැගින් මුදල් සහ රුපියල් 50,000 බැගින් ශරීර ඇප සැකකරුවන් පිරිස මුදා හරින ලෙස මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.

සැකකරුවන් හඳුනා ගැනීමේදී පැවති හඳුනාගැනීමේ පෙරට්ටුවේදී සාක්‍ෂිකරුවන්ට ඔවුන් හඳුනා ගැනීමට නොහැකි වීම යන පදනම මත සැකකැරවන් මුදා හැරීමට මහේස්ත‍්‍රාත්වරයා තීරණය කළේය.
හඳුනාගැනීමේ පෙරට්ටුව පැවැත්වීමට පෙර සැකකරුවන් නමින් හඳුනාගෙන සිටියදී කොළඹ අපරාද කොට්ඨාශයේ නිලධාරීන් විසින් හඳුනාගැනීමේ පෙරට්ටුවක් පැවැත්වීම තුළින් නීතියේ මූලික සිද්ධාන්ත උල්ලංඝනය කර තිබෙන බවද මහේස්ත‍්‍රාත්වරයා විවෘත අධිකරණයේ දී ප‍්‍රකාශ කළේය.

මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල පවත්වාගෙන යාමට අවශ්‍ය තරම් සාක්‍ෂි තිබියදී සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීම හා ඔවුන් හඳුනාගැනීමට නොහැකි වීම නිසා සැකකරුවන්ට ඇප ලබා දීමට කෙරෙහි සලකා බැලීමට සිදුවූ බවද මහේස්ත‍්‍රාත්වරයා වැඩිදුරටත් පැවසීය.

මෙම නඩුව යළි මැයි 27 වැනිදා කැඳවීමට නියමිය. 
Related Posts Plugin for WordPress, Blogger...