April 28, 2011

Schoolgirl harassed for refusing to marry- පාසල් ශිෂ්‍යාවකට හිරිහැර

A 19-year-old schoolgirl in Kandy has been repeatedly harassed by an influential family for refusing a marry man they had introduced to her, the Asian Human Rights Commission says.

The AHRC says it has received information that Thushanthi Pujani Perera of Talathuoya suffered several injuries due to assault and was admitted to hospital last February.
While in hospital, the perpetrators had tried to abduct her.
Several complaints were made to Thalathuoya Police, but police are reluctant to initiate investigations due to the influence of a politician.
After making a complaint against the suspects who were clearly identified by the virtual complainant, the parents and the victim were threatened with death.
They fear that they will not be able to obtain justice due to the influence on the police by the suspect and the politician.
This case is yet another illustration of the exceptional collapse of the rule of law in the country, says the AHRC.
It asks that letters calling for an investigation against the perpetrators be sent to the IGP, the attorney general, the Human Rights Commission and the Police Commission.

විවාහ යෝජනාව ප‍්‍රතික්ෂේප කළ පාසල් ශිෂ්‍යාවකට හිරිහැර

තලාතුඔය ප‍්‍රදේශයේ බලවත් පවුලක් යෝජනා කළ විවාහයකට අකමැති වූ 19 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකට දිගින් දිගටම හිරිහැර සිදුවන බව ආසියානු මානව හිමිකම් කොමිසම පවසයි.

තුෂානි පූජනී පෙරේරා නම් වන ඇයට පසුගිය පෙබරවාරියේදී එම පිරිස් පහරදීම නිසා රෝහල්ගත කිරීමට පවා සිදුව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් තලාතුඔය පොලිසියට පැමිණිලි කොට ඇතත්, දේශපාලනඥයෙකුගේ බලපෑම් ඊට බාධා වී ඇත.

එමෙන්ම, තුෂානි සහ ඇයගේ පවුලේ සාමාජිකයින්ට මරණ තර්ජන එල්ල වී තිබේ.
මෙරට නීතිය වල්වැදී ඇති බවට වන තවත් එක් උදාහරණයක් වන මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් ඉල්ලා පොලිස්පතිවරයා, නීතිපතිවරයා, මානව හිමිකම් කොමිසම හා පොලිස් කොමිසමට ලිපි යවන්නැයි ආසියානු මානව හිමිකම් කොමිසම ඉල්ලා සිටී.
Related Posts Plugin for WordPress, Blogger...