April 29, 2011

Minister Mervin--මර්වින්, මූන්ට විරෝධය පා ලේවලින් අත්සන් තබයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැන් කී-මූන්ගේ උපදේශන කමිටු වාර්තාව හෙළා දකිමින් ලේවලින් අත්සන් තැබූ ලියවිල්ලක් සකස් කිරීම මහජන සම්බන්ධතා අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය අපේ‍්‍රල් 27 වැනිදා කැලණි රජමහා විහාරය ඉදිරිපිටදී පැවැත්විණි.

මෙම විරෝධතා ව්‍යාපාරයට ඇමැති මර්වින් සිල්වා මහතා සහ ඔහුගේ පුත් මාලක ද සිල්වා, ආපදා කළමනාකරණ නියෝජ්‍ය ඇමැති දුලිප් විෙඡ්සේකර, මහාචාර්ය කඹුරුගමුවේ වජිර හිමියෝ සහ කැලණිය ප‍්‍රාදේශීය සභාවේ සභාපති ප‍්‍රසන්න රණවීර, උප සභාපති චමිල සම්පත්, ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් වන සුනිල් සොයිසා, මෙල්රෝයි පෙරේරා, හසිත මඩවල, ශාන්ති කුමුදුනි යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

මේ අත්සන් තැබීමේ ව්‍යාපාරය සඳහා සෞඛ්‍ය නිලධාරීන්ගේ සහයද හමුවී තිබිණි.
ලේවලින් අත්සන් තැබීමේ විරෝධතා ව්‍යාපාරය ගම්පහ දිස්ත‍්‍රික්කය පුරාම ක‍්‍රියාත්මක කිරීමට නියමිත බවද පැවසේ.

කෙසේවුවද ලේවලින් අත්සන් තැබීමේ විරෝධතා ව්‍යාපාරය කැලණිය රජමහා විහාරය තුළ පැවැත්වීමට අමාත්‍යවරයා උත්සාහ කළද ඒ සඳහා කැලණිය රජමහා විහාරාධිපති ආචාර්ය කොල්ලූපිටියේ සංඝ රක්ඛිත නායක හාමදුුරුවෝ විරෝධය පළ කළ බවද මේ අතර වාර්තා වේ.

පසුව මෙම විරෝධතාව කැලණිය විහාරය ඉදිරිපිට ඇති වාහල් කඩ යට සිදු කෙරෙැණු බවද පැවසේ.
Related Posts Plugin for WordPress, Blogger...