April 4, 2011

i want a boy ---අයේන්ද්‍රාට කොල්ලෙක් ඕනලූ

[sachini-ayendra11.jpg]ටෙලි නාට්‍ය රැසකින් සහ ප‍්‍රසන්න ජයකොඩිගේ ‘සංඛාරා’ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය නිරූපණය කරමින් සිනමාවට පා තැබූ ජනප‍්‍රිය රූපවාහිනී සහ සිනමා නිළි සචිනි අයේන්ද්‍රා පසුගිය පෙබරවාරි 21 වැනිදා මවක් වීමේ භාග්‍ය උදාකර ගත්තාය.
ඇගේ සිහිනය සැබෑවක් කරමින් මෙවර ඇයට දියණියක් ලැබූණත් ඇගේ මීළඟ බලාපොරොත්තුව කොල්ලෙක් (පුතෙක්) බව ඇය පවසන්නීය.

අලිෂ්කා කිලියෝනි මහීපාල ලෙසින් දියණියට නම් තබා ඇති සචිනි ඇගේ සුරතල් බලමින් මේ දිනවල කාලය ගෙවන බව පැවසේ.

සචිනිගේ අතගත් ඉෂංග මන්රුක මහීපාල ඇඟළුම් ක්ෂේත‍්‍රයේ නියැලී සටින ව්‍යාපාරිකයෙකි.

ඔවුන් විවාහවූයේ 2009 වසරේදීය.

ඇය පසුගිය කාලයේදී අඟර දඟර නම් චිත‍්‍රපටයේ නිෂ්පාදන කටයුතු සඳහා දායකවූ අතර, සචිනිගේ පළමු සිනමා නිෂ්පාදනය වන මෙම සිනමා පටය ඉකුත් අපේ‍්‍රල් පළමු වැනිදා ප‍්‍රදර්ශනය ආරම්භ කෙරුණි.
මෙම නිර්මාණයේ නිෂ්පාදන කටයුතු මෙන්ම සචිනි එහි චරිතයක් ද නිරූපණය කිරීම විශේෂිතය.

විවාහයෙන් පසුව සචිනි ඇඟම් අලෙවිකරණයේ ද නියෑළී සිටියේය.
අපි මෙම ලිපිය අඩවිය ෆේස් බුක් එක්ක බෙදා ගමු



 45 Fans on the page




share with facebook

Related Posts Plugin for WordPress, Blogger...