April 29, 2011

Film actress - Anoma Janadari

Film production company of Yash Chopra and his son Aditya Chopra. Features profiles, information on all the films, awards, fan club, stills, audio and videoWill There Ever be an Eight Film Franchise to Match Harry Potter? ... It looks as though the new Superman film, Man of Steel has cast another villain…
අනෝමා ජනාදරී.............. බොහෝ සේ කතාබහට ලක්‌වූ නිළියක්‌. ඇය අන්තර් ජාතික සම්මානයට පවා පාත්‍ර වූවාය. අනෝමා පවසන ආකාරයට ළමා වියේ පටන් මේ දක්‌වා කටුක මෙන්ම අමිහිරි අත්දැකීම් රැසකට ඇය මුහුණපා ඇත. දැන් ඒ අත්දැකීම් ඇතුළත් කෘතියක්‌ ,පුනරුක්‌ති, නමින් එළිදැක්‌වීමට අනෝමා ජනාදරී සූදානම් වේ. ,පුනරුක්‌ති, ස්‌වයං චරිතාපදානයක්‌ ලෙස ඈ විසින් හඳුන්වා දෙන්නීය.

මෙම 03 වැනිදා රූපවාහිනි අභ්‍යාස ආයතනයේදී සවස 4.00 ට ,පුනරුක්‌ති, එළිදැක්‌වේ. ප්‍රවීණ සාහිත්‍යකරුවකු මෙන්ම විචාරකයකු ද වන සමන් වික්‍රමාරච්චි මහතා මෙම උළෙලේ ප්‍රධාන දේශනය පවත්වයි. ‘ස්‌ත්‍රිය ප්‍රබන්ධයක්‌ ද?, යන මැයෙන් ඔහු දේශනය පවත්වද්දී ‘කාන්තාව තේමා කොටගත් විඥනවාදී හා රැඩිකල් චිත්‍රපට, මැයෙන් ප්‍රවීණ සිනමා කලා විචාරක ගුණසිරි සිල්වා මහතා දේශනයක්‌ පවත්වයි. අනෝමා ජනාදරී පිළිබඳ තැනූ වාර්තා චිත්‍රපටයක්‌ ද ඇයගේ වෙබ් අඩවිය එළිදැක්‌වීමද මෙහිදී සිදුකෙරේ.

‘පුනරුක්‌ති’ කියැවීමෙන් පසු මතුවූ කරුණු කාරණා පිළිබඳ අනෝමා ජනාදරී සමග සංවාදයකට එක්‌ වූයෙම. එහි සටහන් මතුදැක්‌වේ.

ස්‌වයං චරිතාපදානයක්‌ ලියන්න නම් ඔහු හෝ ඇය පරිණත විය යුතුයි........... ඒත් ඔබ මෙතරම් ඉක්‌මනින් ඔබේ චරිතාපදානය ලියන්නේ ඇයි?

සමාජ සම්මතයක්‌ තියෙනවා පරිණත විය යුතු බවට. ඉතිං මම හිතනවා මම පරිණතයි කියල. සමහරු චරිතාපදාන කියලා ලියන්නේ වාර්තා මිස තමන්ගේ ජීවිත කතාව නොවේ. මගේ හිතේ පැසවපු දේ මහා හුඟක්‌ මුල ඉඳලාම තිබුණා. වෙන ගැහැනු ළමයකුට වඩා මට ඒවා වධ දුන්නා. ඒ නිසා දැන්ම නොලියා වියපත් වුණාම මගේ ගැහැනුකම ගැන හඬ නගන්නේ ඇයි. එනිසා වහ වහා හඬනැගිය යුතුයි කියා හිතුණා.

ඔබ හිතනවාද ඔබේ චරිතය අන් අයට ආදර්ශයක්‌ කියලා.?

පැහැදිලිවම. මම මෙවැනි අත්දැකීම්වලට මුහුණදුන් පළියට තවත් අය ඒවාට මුහුණදිය යුතුද...... ගැහැනු දරුවකුට හෝ පිරිමි දරුවකුට මෙවන් මානසික පීඩනයක්‌ ඇති නොවීම සඳහා දැනුවත් කළ යුතුයි. එනිසා තමයි මම කියන්නේ මගේ ජීවන අත්දැකීම් දරුවෙක්‌ ලැබීමට සිටින සෑම කාන්තාවක්‌ම හා සෑම ගැහැනු දරුවෙක්‌ම කියවිය යුතුයි කියා. තම දරුවා සමාජගත කළ යුතු අයුරු, මානසික නිදහස දියයුතු අයුරු ගැන හිතන්න ඕනෑ. මා වැනි අත්දැකීම් විඳපු කෙනකුට විශ්වවිද්‍යාලයට යා හැකිද...... හඬපු නැති දවසක්, සතුටින් සිටි දවසක්‌ මතක නැහැ......... මේ ප්‍රශ්නවලට ධෛර්යය සම්පන්නව මුහුණදීලා මම කකුල් දෙකින් හිටගත්තා. අද පිරිමින් තමන්ගේ අවශ්‍යතා ඉටුකරගත් පසු ගැහැනියගේ ගෙල ටයිපටියකින් හිරකර මරා දමනවා. මට එහෙම මැරිලා කුණු වෙන්න බැහැ. හැම කෙනකුටම එහෙම බැහැ.

ඔබේ කතාව කියවූ පසුව හැඟී යනවා මෙය ලියන්නේ ඔබේ මව, පියා, බාප්පා සහ තවත් චරිත කීපයක්‌ පිළිබඳ වෛරය නිසා......... ඒ ආවේගය මුදාහැරීම පිණිස බව?

නැහැ.......... මම පිළිගන්නේ නැහැ........ ආවේගය පිට කළා නම් එක්‌කෝ මම එදාම තාත්තාට ගහලා.... බාප්පාව මරාදමලා........... එදාත් බාප්පාව මරා දමන්න මට හයිය තිබුණා...... මේ අය මාව කොතරම් පීඩාවට පත් කළාද.......... ඒ හැම විටෙකම මම ධෛර්යය අරගත්තා...... මට උවමනා නිසා විභාග සමත් වුණා..... විශ්වවිද්‍යාලයට ගියා....... වෛරයක්‌ තිබුණානම් මෙතරම් කලක්‌ ඉන්නේ නැහැ එය පිටකරන්න. සාහිත්‍ය රසය, කවිය, ප්‍රබන්ධය හරහායි මගේ කතාව මම කියන්නේ......... මම නිර්මාණකාරියක්‌.......... අභ්‍යන්තරයේ කැකෑරෙන දේ එළියට දාන්න කලාව හොඳ මාධ්‍යයක්‌. ඒනිසා තමයි මම මගේ චරිතාපදානය ලියුවේ.

අතිශය පෞද්ගලික සිදුවීම් සහිත ඔබේ කතාව මෙලෙස හෙළිදරව් කිරීම ඔබේ දරුවන්ට කරන අසාධාරණයක්‌ නොවේද?

ඒක යල් පැනපු අදහසක්‌. ලෝකය එදාට වඩා දියුණුයි. මේ තාක්‌ මගේ කතාවට අවරගණයේ ප්‍රතිචාර ලැබී නැහැ. අපි දැන්වත් විවෘත විය යුතුයි. ශ්‍රී ලංකාවේ කාන්තාවෝ ඉන්නේ සිල් රෙද්දක්‌ පොරවාගෙන. ඔවුන් කැමැති නැහැ මේ සිල් රෙද්ද ගලවා දමන්න. මේ වටිනා ආත්මය අපට හමුවන්නේ එක්‌වරක්‌ පමණයි. ඉතිං ඒ එකවරක්‌ ලැබෙන ආත්මය ගුළිකරගෙන, හංගාගෙන, දුක්‌ විඳගෙන ජීවත්වන්නේ ඇයි. මා විඳි අත්දැකීම් කියන්න මම ලැඡ්ජා වෙන්නේ බිය වෙන්නේ ඇයි. මා ලද අමිහිරි අත්දැකීම් ලෝකයේම දරුවන්ට නොවන්න ඉඩහසර දිය යුතුයි.

නිරුවත නොසඟවා හෙළි පෙහෙළි කොට ප්‍රසංග කිරීමේ නින්දිත පෙළඹවීම ඉදිරියේ ඔබ රැවටීමට ලක්‌වූ බව මේ කෘතියේ සඳහන්කර තිබෙනවා. මේ කියන්නේ ‘තනිතටුවෙන් පියාඹන්න’ චිත්‍රපටය ගැනයි. එය කළේ එවක ඔබේ සැමියා....... නිරුවතින් රඟපාන්න එදා ඔබට විරුද්ධ වෙන්න තිබුණා?

... up to...
මම තීරණයක්‌ නොගත්තේ ඇයි කියලනේ අහන්නේ....... නිර්මාණකාරියක්‌ ලෙස ඇයි මම නවතින්නේ..........

එහෙමනම් ඇයි ඔබ අද කියන්නේ රැවටුණා කියලා?

එහෙම කියන්නේ මට අසාධාරණයක්‌ වූ නිසයි. මගේ වෘත්තීය ගෙවීම කෝ.. අද මම රැවටුණා...........

සැමියාගේ චිත්‍රපටයේ අයකිරීමකින් තොරව රඟපාන්න ඔබ එකඟ වුණානම්?



කිසිම ගිවිසුමක්‌ නැහැ........... නිළියක්‌ ලෙස මම එතැන රැඳුණානම් මට තියෙන රැඳීම තමයි මුදල්............ එහෙම නැතිනම් චරිත ලැබීම මම පැය ගණන් සාකච්ඡා කළා. ඊළඟ චිත්‍රපටයේ චරිතයක්‌ දෙන්න බැහැ කිව්ව. එදා මම සැමියා ගැන අහිතක්‌ හිතුවේ නැහැ. මම මගේ ජීවිතය දුන්නේ ඒ නිර්මාණයටයි............

ගැහැනියකට තම නිරුවත කියන්නේ ජීවිතයයි. එය ජීවිතය හා සමානයි. ඒක නොදන්න අධ්‍යක්‍ෂවරයකුටයි මම මගේ ජීවිතය දීලා තියෙන්නේ.

අද ඔබ ඔබේ කතාව හෙළි කරන්නේ කාන්තාවක්‌ ලෙස සිතා ද නැතිනම් නිළියක්‌ ලෙසින්ද?

මම එදා බුද්ධිමත් වුණා........ මම ඒ සිද්ධිවලට මුහුණ දෙද්දී හිතුවා කවදාහරි මේවා ලියනවා කියලා. මගේ වෘත්තිය පිළිබඳ තවත් නළුවකුටල නිළියකට වැදගත්වන කාරණාවක්‌ මෙම කෘතියෙන් මතුකර ගැනීමත් මෙහි අරමුණක්‌. ඒ වගේම අන්තර්ජාතික සම්භාවනාවට පාත්‍රවුණු මා වැනි වෘත්තිය නිළියකගේ පැවැත්ම පිළිබඳ ඛේදවාචකය සඳහන් කිරීමත් අරමුණක්‌. මේ සමාජයේ කාන්තාව ගැන තිබෙන ආකල්ප සුන්නත් දූලි කරන්නයි මම මෙය ලියන්නේ. මගේ ගෙදර වැඩට සිටි කාන්තාව සහ මගේ අම්මා ලිංගිකව සූරා කෑ හැටි හෙළි කළ යුතුයි.

ඔබ අත්විඳි සිදුවීම් ඕනෑතරම් කාන්තාවන් අත්විඳ තිබෙන්නට පුළුවන්. විශේෂයෙන් නිළියන්............. ඒත් ඒවා පෞද්ගලික නිසා හෙළිදරව් වන්නේ නැහැ............

ඔව්. ඒ අයටත් පුළුවන් සමාජය දැනුවත් කරන්න. ඒත් මම හිතන්නේ බොහෝ අයට ඕනෑ රඟපාන්න විතරයි. චරිතය, මුදල් වගේම ප්‍රසිද්ධිය ලැබෙනවා. එවිට අනෙක්‌ දේවල් මොනවටද........ හොඳ ක්‍රීඩකයෙක්‌ කසාද බඳින්න.. සැලුන් එකක්‌ දාගන්න.......... තමයි බොහෝ අය නිළිකමට ඇවිත් ඉන්නේ. මට එවැනි අරමුණක්‌ නැහැ. ඇත්තටම බහුතර නිළියන් ගැන මම කනගාටු වෙනවා. අරමුණක්‌ නැති, අදහසක්‌ නැති නිළි කලාවෙන් තමන්ට ලැබෙන අර්ථය මොකද්ද........... මම ඉන්නේ වෘත්තිය නළු නිළි සංගමයක්‌ නැති රටක............ එවන් සංගමයක්‌ අවශ්‍යයි.

ඔබේ ජීවිතයේ අතිශය පෞද්ගලික කරුණු මෙලෙස හෙළි කළ පසුව ඔබට පාරේ බැහැලා යන්න පුළුවන්ද?

මට කිසි ප්‍රශ්නයක්‌ නැහැ. මම අරතරම් චිත්‍රපටයක රඟපාලාත් පාරේ බැහැලා ගියේ. කිසිවකුගෙන් කිසිම වචනයක්‌ ඇහුවේ නැහැ. හොඳට සැලකුවා. මට හිතාගන්නත් බැහැ. මේ අපේ කෙනෙක්‌ කියලා මාව බදාගත්තා.......... එහෙමයි මට සැලකුවේ. මම හිතනවා මෙතැනදීත් මට ප්‍රශ්නයක්‌ ඇති නොවේවි කියලා. එහෙම ප්‍රශ්නයක්‌ ඇති වුණොත් ඒක එදාට මම බලාගන්නම්. කලාකරුවෝ, අධ්‍යක්‍ෂවරු හැඟුම්බරයි. මොන මතවාදයක්‌ තිබුණත් අද වනතුරු මගෙන් අහලා නෑ උඹ කෑවාද.......... ජීවත් වෙන්නේ කොහොමද......... සල්ලි කීයක්‌ හරි දෙන්නද කියලා............ එහෙම සංවේදී කලාකරුවන් මම දැක නැහැ. මම එදා අනුන්ගේ නිර්මාණවලට පෙනී ඉඳලා පාරේ බැහැලා ගියා........ අද මට මගේ නිර්මාණයක්‌ කරලා පාරේ බැහැලා යන්න බැරිකමක්‌ නෑ......... එදාටත් වඩා මිනිසුන් අද මාව පිළිගනීවි. මම මේ එළිදක්‌වන්නේ කුඩාකල සිට විශ්වවිද්‍යාලයට යෑම දක්‌වා මා මුහුණු දුන් අත්දැකීම්........ ඉන්පසුව මේ දක්‌වා වූ සිදුවීම් ‘පුනරුක්‌ති’ දෙවැනි කොටසින් හෙළිකරනවා. එයත් ළඟදීම එළිදක්‌වනවා........... මෙම 03 වැනිදා සවස 4.00 ට ශ්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනයට පැමිණෙන ලෙසට මම මගේ රසිකයන්ට විවෘතව ආරාධනා කරනවා. මට කතා කරන්න 077 9290677 මගේ දුරකථන අංකයට............

Related Posts Plugin for WordPress, Blogger...