April 14, 2011

කී‍්‍රඩා ඇමැතිට පල්ලම් බහින්න වන ලකුණු-cricket

ඉන්දියන් පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියට සහභාගි වන ශ‍්‍රී ලංකා කී‍්‍රඩකයින් මැයි මස 05 වැනිදාට පෙර යළි දිවයිනට පැමිණිය යුතු බවට කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා ප‍්‍රමුඛ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කර ඇති නියෝගය සම්බන්ධයෙන් සාකච්ඡාකර තීරණයක් ලබාගන්නා බවට ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ ඉහළ නිලධාරියෙක් මාධ්‍යට පවසා ඇත.

කෙසේවුවද ඉන්දියන් පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලිය අතරවාරයේදී කී‍්‍රඩකයන් ඉවත් වන්නේ නම් ඒ සඳහා ගෙවීමක් කළ යුතු බවද පැවසේ.
ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් එම තරගාවලියෙන් ඉවත්වීම එම මුදලට වඩා වැඩි අලාභයක් බව අයි.පී.එල්. තරග සංවිධායකයින් පවසන අතර, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ උණුසම රැඳී තිබෙන ලසිත් මාලිංගත්, කොව් ටස්කර්ස් පිලේ නායකයා වන මහේල ජයවර්ධනත්, ඩෙකන් චාර්ජර්ස්හි නායක කුමාර සංගක්කාරත් නොමැතිව තරග වැදීම තරගාවලියේ තරගකාරී බව බිඳවට්ටනක් බවත් ඔවුන්ගේ අදහස වී තිබේ.

කෙසේවුවද මෙම තීරණය කී‍්‍රඩා ඇමතිවරයා විසින් ප‍්‍රකාශයට පත්කරනු ලැබුවේ පසුගියදා වන අතර, ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ට අයි.පී.එල්. තරගාවලියට කී‍්‍රඩා කිරීමේ අවසරය ලබාදී ඇත්තේ ඉකුත් ජනවාරි මාසයේදී බවත් අයි.පී.එල්. සංවිධායකයෝ පෙන්වා දෙති.

ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ට මෙම දැනුවත් කිරීම කරන ලද්දේ ඉදිරියේදි පැවැත්වෙන එංගලන්ත සංචාරය සදහා ශී‍්‍ර ලංකා සංචිතය තෝරා ගැනීමට ලබන මැයි 6 වැනිදා සිට පුහුණුවීම් ආරම්භ කිරීමට සැලැසුම්කර ඇති බැවිනි.

ශ‍්‍රී ලංකික කි‍්‍රකට් කී‍්‍රඩකයින් 11 දෙනෙකු අයි.පී.එල්. තරගාවලිය නියෝජනය කරන අතර තරගාවලියේ අවසන් තරගය මැයි 08 වැනිදා පැවැත්වීමට නියමිතය.
Related Posts Plugin for WordPress, Blogger...