April 20, 2011

මස් පුච්චන් කෑ උඳුනේ දුම වැදී යුවලක් මරුට

බාබකියු (මස් පිච්චීමට යොදාගන්නා) උදුනකින්  පිටවූ විෂ දුම ආඝ‍්‍රාණය කිරීම නිසා විවාහ ගිවිසගෙන සිටි තරුණ යුවළක් මියයාමේ සිද්ධියක් නුවරඑළියේ සංචාරක නිකේතනයකින් වාර්තා විය.

යක්කල පදිංචි විරාඡ් චින්තක මුදන්නායක (24) හා බොනෑගල පදිංචි අමාලි රාජපක්ෂ (23) යන තරුණ යුවළක් මෙසේ මියගොස් ඇත.

ඉකුත් 16 වැනිදා සිය හිතවතුන් සමඟ  නුවරඑළියේ විනෝද චාරිකාවකට එක්වී එහිවූ රාතී‍්‍ර සාදයකින් පසුව එහිවූ අධික සීතලින් මිඳීමට මෙම යුවල බාබකියු උදුන කාමරයට ගෙන තිබේ.
බාබකියු උදුනේ දහන පෝෂකය ලෙස ගල් අගුරු යොදාගෙන ඇති අතර, ඉන් නිකුත්වූ කාබන් මොනොක්සයිඞ් වායුව ආඝ‍්‍රාණය කිරීම හේතුවෙන් මෙම යුවල මරණයට පත්ව ඇතැයි වාර්තා වේ.

අදාළ යුවල ලබන වසරේ මැයි මාසයේදී විවාහ උත්සවය ගැනීමට සිටි බවද පැවසේ.

මියගිය තරුණයා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උපාධි තෙවැනි වසර ශිෂ්‍යයෙකි.

ඔහු විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතු අවසන් කිරීමෙන් පසුව විවාහ උත්සවය ගැනීමට අපේක්‍ෂාවෙන් සිටි බවද පැවසේ.

මේ යුවළගේ අවසන් කටයුතු අද (අපේ‍්‍රල් 20) සිදුකෙරේ.
Related Posts Plugin for WordPress, Blogger...