March 25, 2011

teachers blamed

ගුරුවරියන්ගේ තර්ජනයට බියෙන් වේදනා නාශක බිව් සිසුවියක්‌‌ රෝහලේ


නාවලපිටිය ප්‍රදේශයේ පාසලක ගුරුවරියන්ගේ තර්ජනයකට ලක්‌වූ සිසුවියක්‌, වේදනා නාශක පෙති 18 ක්‌ එකවර පානය කිරීම නිසා ගම්පොළ රෝහලට පෙරේදා (23 වැනිදා) ඇතුළත් කර තිබේ. එම පාසලේ පරිපාලනය කඩා වැටීම පිළිබඳ පාසල් සංවර්ධන සමිතිය, ජනාධිපතිවරයාට හා අධ්‍යාපන ඇමැතිවරයාට ලිඛිතව දන්වා ඇති අතර, ගුරුවරියන්ගේ තර්ජනයට ලක්‌වී ඇත්තේ, එම ක්‍රියාවලියට සම්බන්ධ වූ දෙමව්පියකුගේ දරුවකු සිසුවිය කාමරයකට දමා බැන තර්ජනය කිරීමෙන් පසුව ඇය වේදනා නාශක පෙති පානය කර ඇත. මුලින්ම නාවලපිටිය කුරුඳුවත්ත දිසා රෝහලට ඇතුළත් කෙරුණු සිසුවිය පසුව ගම්පොල රෝහලට මාරු කෙරිණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක්‌ ද කර ඇත.
අපේ දරුවන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිනවා. පාසලේ පරිපාලනය කඩා වැටිලා. අපි ඒ පිළිබඳ ජනාධිපතිවරයාටත් අධ්‍යාපන ඇමැතිවරයාටත් ලිපි යැව්වා. ඒ දැනුවත් කිරීම නිසා ගුරුවරුන් දරුවන්ගෙන් පළිගන්නවා. එවැනි ගුරුවරුන් පාසලට අවශ්‍ය ද කියා අපි ප්‍රශ්න කරනවා’ යයි රෝහල්ගතව සිටින සිසුවියගේ මව වන පී. කේ. අබේරත්න මහත්මිය ප‍්‍රකාශ කළේය.
Related Posts Plugin for WordPress, Blogger...