December 4, 2010

කොටින් ප‍්‍රබෝධමත් කළ වික‍්‍රමබාහුගේ කතාව

 කොටින් ප‍්‍රබෝධමත් කළ වික‍්‍රමබාහුගේ කතාව

කොටින් ප‍්‍රබෝධමත් කළ වික‍්‍රමබාහුගේ කතාව


Bahu_aනසසප ලේකම් ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න කොටි හිතවාදීන්ගේ මහවිරු සමරුව වෙනුවෙන් පසුගිය 25 වනදා ලන්ඩනයේදී කර තිබෙන දේශනය පිළිබඳ දැන් ආන්දෝලනයක් මතුව තිබෙනවා.
ජනපතිවරයාගේ ඔක්ස්ෆර්ඞ් දේශනය අවලංගුවීමට බලපාන පරිදි ලන්ඩන් උද්ඝෝෂකයින් උසි ගැන්වූ කොටින්ට උඩගෙඩි දෙන සිංහලයෙකු ලෙසද දැන් ඔහුට චෝදනා එල්ල වෙනවා.

වික‍්‍රමබාහු ඒ ගැන කියන දේ
ඊයේ බීබීසී සන්දේශය ලන්ඩනයේ සිටින වික‍්‍රමබාහු කරුණාරත්න අමතා තිබුණා.

ඔබ මහවිරු දිනයේ කතාවක් කර තිබෙන බව ඇත්තක්ද?
මට ආරාධනාවක් ලැබුණ කතාවක් කරන්ඩ..මගෙ අදහස් දක්වන්ඩ..ඒ අනුව මම ගිහිල්ල මාව සාදරයෙන් පිළි අරගෙන මට කතාව දුන්න..
ඒක තමයි එතැන වෙච්ච ප‍්‍රධාන කතාව කියල දෙමළ වෙබ් අඩවිවලත් වාර්තා කළා.
මම ඒ ගොල්ලන්ට ආරාධනා කළා උතුරේ සහ දකුනේ ජනතාව එකතු වෙලා මර්දනකාරී රජය වෙනස් කළ යුතුයි පළවා හැරිය යුතුයි කියන අදහස.ඒකට හැමෝම සංතෝෂෙන් එකතු වුණා.අපි වාමාංශික ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් විදිහට ජනතාව අතර දකුණේ වැඩ කිරීමේ අවශ්‍යතාව දැක්වුවා.ඔවුන් පසුව ඇවිත් ඒ කතාව ගැනත් ස්තූති කළා.

දෙමළ උද්ඝෝෂකයින් කියන්නේ කුමක්ද?
දෙමළ නිජබිම අල්ලා ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ කළ මෙහෙයුම තුළ විශාල මනුෂ්‍ය ඝාතනයක් හා විනාශයක් සිදුව තිබෙනව.ඒ සම්බන්ධයෙන් තමයි ඔවුනගේ විරෝධය තියෙන්නේ.අහිංසක ජනතාව මරල, දුෂණය කරල නොයෙකුත් අපරාධ කළා කියන එක සහ ගම්බ්ම් නගර විනාශ කළා කියන එක ගැන විශාල කෝපයක් හා වේදනාවක් තියනව.

මහින්ද රාජපක්ෂගේ කතාව නතර කළේ ඔවුන්ද?
උද්ඝොෂකයින් එතැන උද්ඝෝෂණය කිරීම නිසා ශිෂ්‍ය සංගමයට පෙනී ගිහින් තියනව ඒ ගොල්ලන් මේ කැඳවීම කරපු එක වැරදියි කියල.ශිෂ්‍ය සංගමය තමයි අත්හැරදාල තියෙන්නේ.උද්ඝෝෂණ තිබුණත් කතා කරන්න ඉඩ දුන්න නම් රාජපක්ෂ මහත්තයට කතා කරන්න ඉඩකඩ තිබුණා.උද්ඝෝෂණ කොහොමත් තියනව ඒකෙ වරදක් නෑ.


මෙම ලිපිය ෆේස් බුක් එක්ක බෙදා ගන්න පහත ෆේස්  බුක් බටනය මත ක්ලික් කරන්න
Related Posts Plugin for WordPress, Blogger...