ටයිම් අවසන් 100 දෙනා අතරින් ජනපති රාජපක්‍ෂ ඉවතට
‘ටයිම්’ සඟරාවේ පාඨකයින් අතර අන්තර්ජාලය ඔස්සේ පැවැත්වූ ඡන්ද විමසීමකින් 2011 වසරේ වඩාත්ම බලගතු පුද්ගලයින් අතර සිව්වැනි ස්ථානයට පත්වූ ශී‍්‍ර ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ එම සඟරාවේ කතුවරුන් විසින් සකස් කළ අවසන් 100 දෙනාගේ ලේඛනයට ඇතුළත්ව නොමැත.
මැදපෙරදිග විප්ලවයට මඟපාදා ඊජිප්තු ජනාධිපති හොස්නි මුබාරක් සහ ඔහුගේ රජය පෙරලා දැමීමට මූලික වූ අන්තර්ජාල කි‍්‍රයාකාරිකයෙකු වන වයෙල් ගොනිම් ලොව බලගතුම පුද්ගලයා බව ඔවුන්ගේ තේරීමයි.
මැදපෙරදිග විප්ලවයට මඟපාදා ඊජිප්තු ජනාධිපති හොස්නි මුබාරක් සහ ඔහුගේ රජය පෙරලා දැමීමට මූලික වූ අන්තර්ජාල කි‍්‍රයාකාරිකයෙකු වන වයෙල් ගොනිම් ලොව බලගතුම පුද්ගලයා බව ඔවුන්ගේ තේරීමයි.
දේශපාලනඥයින් අතරින් ජර්මන් චාන්සලර්වරිය වන ඇන්ජෙලා මර්කල් අටවැනි ස්ථානයට හා බුරුමයේ අවු සාන් සූකී 18 වැනි තැනට පත්ව ඇත.
කි‍්‍රකට් ලෝක කුසලානය ඉන්දියාවට අත්කරදුන් නායක මහේන්ද්‍ර සිං ද්‍රෝනි 52 වැනි ස්ථානය හිමිකර ගෙන සිටී.