Showing posts with label කොළඹ පාසලක ගුරුවරියකගේ නිරුවත විඩියෝ කළ අයට ඇප දෙයි. Show all posts
Showing posts with label කොළඹ පාසලක ගුරුවරියකගේ නිරුවත විඩියෝ කළ අයට ඇප දෙයි. Show all posts

April 19, 2011

කොළඹ පාසලක ගුරුවරියකගේ නිරුවත විඩියෝ කළ අයට ඇප දෙයි

කොළඹ පාසලක ගුරුවරියකගේ නිරුවත විඩියෝ කළ අයට ඇප දෙයි



කොළඹ පාසලක ගුරුවරියකගේ නිරුවත විඩියෝ කර, ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන සිටි තුසිත නිර්මාණ කඵආරච්චි නැමැත්තෙකු ඇපමත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රහර්ෂා රණසිංහ මහත්මිය අද (අප්‍රේල් 18) නියෝග කළාය.


පසුගිය 02 වැනිදා තමා සියලූම ඇඳුම් උනාදමා නාන කාමරයේ නාමින් සිටියදී එහි තිබූ කුඩා ජනේලයෙන් තමා නාන දර්ශන කැමරා දුරකයක් ආධාරයෙන් අදාළ සැකකරු වීඩියෝ කරමින් සිටි බවට ප‍්‍රදීපිකා නිශ්ශංක නැමැති මෙම පැමිණිළිකාරිය විසින් බොරැල්ල පොලිසියට පැමිණිලි කර ඇත.
අදාළ පැමිණිල්ලට අනුව මෙම සැකකරු අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.


මෙහිදී ගුරුවරියගේ නිරුවත විඩියෝ කළ බවට සැකකරණ ජංගම දුරකතනය වැඩිදුර පරීක්‍ෂණ සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨය වෙත යොමු කිරීමට බොරැල්ල පොලිසිය කළ ඉල්ලීමට ද මහේස්ත‍්‍රාත්වරිය ඉඩ ලබාදුන්නාය.


සැකකරු රුපියල් දසදහසක මුදල් ඇප හා රුපියල් ලක්‍ෂයක ශරීර ඇප දෙකක් මත මුදා හැරියේය.

Related Posts Plugin for WordPress, Blogger...