Showing posts with label three girls missing. Show all posts
Showing posts with label three girls missing. Show all posts

April 30, 2011

three girls missing


කුලියාපිටියේ ළමා නිවාසයකින් දැරියන් තුන් දෙනෙකු අතුරුදන්වීම සම්බන්ධයෙන් කරුණු සොයා බලා වාර්තාවක් සපයන්නැයි පොලීසියට දැනුම් දුන් බව ජාතික ළමා රක්‍ෂක අධිකාරිය පවසයි. මෙලෙස අතුරුදන්වී සිටින්නේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියන් තුන් දෙනෙකි. ඉකුත් 11 වනදා පාසල නිමවීමෙන් පසු අමතර පංතියකට සහභාගි වූ ඔවුන් ළමා නිවාසයට යළි පැමිණ නැත.

මේ අතර පාසල් ළමයින් ප‍්‍රවාහනය කරන වෑන් සහ බස්රථ බොහෝමයක සේවයට යොදවා ඇත්තේ සුදුසුකම් සපිරූ රියදුරන් නොවන බව ජාතික ළමා රක්‍ෂක අධිකාරියට අනාවරණ වී තිබේ. එහි සභාපතිනී අනෝමා දිසානායක මහත්මිය පැවසුවේ එම වෑන් සහ බස්රථ ලියාපදිංචියේදී මෙය අනාවරණ වූ බවයි. බස්නාහිර පළාතේ
ලියාපදිංචි කිරීම්වල පළමු අදියර නිමාවීමෙන් පසු දැන් සෙසු ප‍්‍රදේශවල ලියාපදිංචි කිරීම් ආරම්භ කර තිබේ. මෙතෙක් ලියාපදිංචි නොකෙරුනු බස්නාහිර පළාතේ පාසල් වෑන් සහ බස්රථ ලියාපදිංචියද තවදුරටත් සිදු කෙරෙන බව ද ඇය සඳහන් කළාය.
Related Posts Plugin for WordPress, Blogger...