කිරිගවයින් 300කට මිනිස් ජාන ලබාදීමෙන් මව්කිරිවලට සමාන ගුණ ඇති එළකිරි ලබාගැනීමට චීන විද්‍යාඥයන් පිරිසක් සැරසේ.
චීනයේ කෘෂිකර්මාන්ත විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් මේ පිළිබඳව පර්යේෂණ සිදුකරමින් සිටියි.
මෙම කිරිගවයින්ගෙන් ලබාගන්නා කිරි, පානයට සුදුසු වනු ඇතැයි අපේක්‍ෂා කරන බවත් එය මව්කිරි සඳහා ආදේශකයකයක් ලෙස යොදාගත හැකි වනු ඇති බවත් එම විද්‍යාඥයන් පවසයි.
කෙසේ වෙතත්, එම නිෂ්පාදන පාරිභෝගිකයන් අතරට යැවීමට වසර 10ක් පමණ ගතවනු ඇතැයි ඔවුන් පවසයි.
කෙසේ වෙතත්, මෙම කිරිවල සුරක්‍ෂිතභාවය පිළිබඳව හා මෙම කිරිගවයින්ගේ සෞඛ්‍යාරක්‍ෂාව පිළිබඳව කනස්සල්ල පළ කරන විවිධ පිරිස් මෙම පර්යේෂණය දැඩි ලෙස විවේචනය කර ඇත.