Pages

May 3, 2011

Osama Bin ---Hot news

බින් ලාඩන්ගේ ඡායාරූප හෝ ප‍්‍රවෘත්ති බාගත කිරිමේ අවධානමක් !

ඔසාමා බින් ලාඩන්ගේ නම ඈදා පරිගණක වෛරස අන්තර්ජාලයට මුදාහැර ඇතැයි පරිගණක විශේෂඥයන් අනතුරු අගවයි. ඔවුන් පවසන්නේ අමෙරිකානු හමුදා විසින් ඔසාමා බින් ලාඩන් ඝාතනය කිරීමෙන් පසු මෙම වෛරස අන්තර්ජාලයට මුදා හැර ඇති බවයි. ගූගල් භාවිතයෙන් සොයා ගන්නා බින් ලාඩන්ගේ ඡායාරූප හෝ අදාළ ප‍්‍රවෘත්ති බාගත කිරිමේදී මෙම වෛරස පරිගණකවලට ඇතුල් විය හැකි බවද ඔවුන් පවසයි. මේ නිසා ගූගල් භාවිතයෙන් බින් ලාඩන්ගේ ඡායාරූප හෝ අදාළ ප‍්‍රවෘත්ති සෙවීමේදී හෝ බාගත කිරීමේදී විමසිලිමත් වන ලෙස අවධාරණය කෙරෙයි.

මේ අතර සුප‍්‍රසිද්ධ සෝනි සමාගමේ පරිගණක ජාලයට කිසියම් පිරිසක් නිතිවිරෝධි ලෙස ඇතුලූවී තිබේ. ඔවුන් විසින් ගණුදෙනුකරුවන්ගේ ලිපියනයන් සහ බැංකු ගිණුම්වල අංකද සොරාගෙන ඇති බව සෝනි සමාගම පවසයි. මේ නිසා අන්තර්ජාලය මගින් පවත්වාගෙනයන සේවා තාවකාලිකව අත්හිටවූ බවද සෝනි සමාගම කියා සිටී.